අප ගැන

සෙලින්කෝ රක්‍ෂණ සමාගම 1987 වසරේදී පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කළ අතර, 1988 ජනවාරි 14 වැනි දා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරමින් ඉතා කෙටි කළකින් ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන්හී වේගවත් වර්ධනයක් හිමිකර ගත්තේය. සිය මව් සමාගම වූ සිලෝන් ඉන්ෂුවරන්ස් සමාගමෙන් ලද ආභාෂය හා අත්දැකීම් තුලින් මෙරටේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයෙහි ඉහලටම ගමන් කිරීම සෙලින්කෝ ජීවිත රක්‍ෂණ සමාගමට හැකි වූ අතර එහි ප්‍රධාන කාර්යාලය අද වන විට අංක 106, හැව්ලොක් පාර කොළඹ 05, ස්ථානයේ පිහිටුවා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය
  • 1

    ආර්. රෙන්ගනාදන් මහතා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී

    ආර්. රෙන්ගනාදන් මහතා වරලත් ගණකාධිවරයෙකු වශයෙන් 1983 දී සෙලින්කෝ ආයතනයට සම්බන්ධ විය. ශ‍්‍රී ලංකා රජය විසින් පුද්ගලික අංශයට රක්ෂණ ක්ෂේත‍්‍රයට පිවිසීමට වැඩි ඉඩ ප‍්‍රස්ථා ලබාදීමත් සමග 1987 සිට සෙලින්කෝ රක්ෂණ සමාගමේ, ජීවිත රක්ෂණ අංශයේ අභිවෘද්ධියට ඔහු පුළුල් මෙහෙවරක යෙදී සිටී.

    සෑම ශ‍්‍රී ලාංකික පවුලකටම ආරක්ෂාව ලබාදීම සිය දැක්ම කරගත් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුව, ජීවිත රක්ෂණයේ ප‍්‍රාතිහාර්ය බව දැඩිව අදහන ඔහු එය වෘත්තීය කාණ්ඩායම් අතර හුවමාරු කරගැනීමට ද කටයුතු කරයි. සෙලින්කෝ ඉන්ෂුරන්ස් පීඑල්සී, ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකත්වය අඛණ්ඩව රඳපවත්වා ගැනීමට මෙන්ම ආසියානු කලාපයේ පාරිභෝගික සමාජ වගකීම වෙනුවෙන් පිරිනමන ආසියා රක්ෂණ විචාරක සම්මානයට හිමිකම් කිරීමට ද සමත්විය. එමෙන්ම, ආර්. රෙන්ගනාදන් මහතා LIMRA ඉන්දු-ශ‍්‍රී ලංකා විධායක මණ්ඩලයේ සාමාණිකයෙකු ද වන අතර ක්වාලාලම්පූර් හි පැවති LOMAL/LIMRA ක‍්‍රමෝපාය ගැටඵ පිළිබඳ සමුඵව ඇමතීමේ අගනා අවස්ථාවද හිමිකර ගත්තේය.

  • 2

    ඊ.ටී.එල්. රණසිංහ මහතා අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී (ජීවිත)

    ඊ.ටී.එල්. රණසිංහ මහතා, විකුණුම්, අලෙවිකරණ සහ ක‍්‍රමෝපාය සැලසුම්කරණය පිළිබඳ, ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ වසර 30කට වඩා අත්දැකීම් ඇත්තෙකි. ඔහු, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ආයතනයේ (PIM), MBA උපාධිධාරියෙකි. වරලත් අලෙවිකරුවෙකු වන ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සම්මාන සාමාජිකයෙකු වේ. 1986 සැප්තැම්බර් මාසයේදී සී/ස සෙලින්කෝ සමාගමට, කළමනාකරුවෙකු ලෙස සම්බන්ධ වූ රණසිංහ මහතා, 1988 සෙලින්කෝ ඉන්ෂුරන්ස් පීඑල්සී ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි ආරම්භක සාමාණිකයෙකි.

    වරලත් අලෙවිකරණ ආයතනයේ පුරෝගාමී සාමාජිකයෙකු වන ඔහු, ශ‍්‍රී ලංකා කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇතුඵ නිළයන් කිහිපයකම කටයුතු කර ඇත.

    වර්තමානයේදී ඔහු, සෙලින්කෝ ඉන්ෂුරන්ස් පීඑල්සී (ජීවිත) හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ ලෙස සහ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් හි අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරයි.

  • 3

    පී.ඞී.එම්. කුරේ මහතා අධ්‍යක්ෂ/මානව සම්පත් සහ පුහුණු ප‍්‍රධානී

    පී.ඞී.එම්. කුරේ මහතා, සී/ස කී-සෙකියුරිටි සර්විසස් ආයතනයේ ප‍්‍රධාන උපදේශකවරයා වශයෙන් 1985 දී සම්බන්ධ විය. ඔහු සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ආරම්භයේ සිටම එහි සාමාණිකයෙකු වශයෙන් කටයුතු කරයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිකාරීලත් නිළධාරියෙකු ලෙස වෘත්තිය ආරම්භ කළ එ මහතා, සහකාර කළමනාකරුවෙකු (පුහුණු) වශයෙන් සෙලින්කෝ රක්ෂණ ආයතනයට එක්විය. 1990 ජනවාරි මාසයේදී කළමනාකරු (මානව සම්පත්) ලෙස උසස්වීමක් ලැබීය. පසුව, ඔහු සහකාර සාමාන්‍යධිකාරී (පරිපාලන හා මානව සම්පත්) සහ සහකාර සහකාර සාමාන්‍යධිකාරී(පුහුණු) බවට පත්විය. 1998 දී නියෝජ්‍ය සහකාර සාමාන්‍යධිකාරී(පුහුණු) තනතුරට උසසවීම් ලැබූ එ මහතා, 2001 සැප්තැම්බර් සිට සෙලින්කෝ රක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය.

    කුරේ මහතා, ඇමරිකාවේ ලයිෆ් අන්ඩර්රයිටර්ස් ටේ‍්‍රනින් කවුන්සිල් (LUTCF) හි සහ චාර්ටර්ඞ් ඉන්ෂුවරන්ස් එජන්සි මැනේජර් (CIMA) හි හවුල්කරුවෙකු ද වේ. ඔහු සෙලින්කෝ ලයිෆ් අලෙවි බලකාය තුළ උද්යෝගිමත්, ක‍්‍රියාකාරී භූමිකාවක නිරතව සිටියි. ජාත්‍යන්තරව පිළිගත් කථිකයෙකු වන කුරේ මහතා, ජීවිත රක්ෂණ සම්මේලන රැසක් අමතා ඇති අතර, ලෝකයේ කීර්තිමත් ජීවිත රක්ෂණ MDRT සභාව ඇමතූ සාමාණික නොවන පළමු දකුණු

  • 4

    පී.ඒ. ජයවර්ධන මහතා අධ්‍යක්ෂ/ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී (ජීවිත)

    පාලිත ජයවර්ධන මහතා, මූල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ වසර 22කට වඩා අත්දැකීම් ඇත්තෙකි. ඔහු ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ සම්මාන සාමාණිකයෙකි. 1990 දී ප‍්‍රධාන ගණකාධිකාරී (ශාඛා) වශයෙන් ආයතනයේ ජීවිත රක්ෂණ අංශයට සම්බන්ධ වූ අතර 2005 දී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය.

    සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් හි අධ්‍යක්ෂ වශයෙන් ඔහු සිය කාර්යභාරය මැනවින් ඉටුකරයි.

  • 5

    එස්. ආර්. අබේනායක මහතා අධ්‍යක්ෂ/ නියෝජ්‍ය මූල්‍ය නිළධාරී (ජීවිත)

    මූල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ වසර 15කට වඩා අත්දැකීම් ඇති රංග අබේනායක මහතා, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ආයතනයේ (PIM), MBA උපාධිධාරියෙක් ද වේ. එමෙන්ම ඔහු, ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ සහ සර්ටිෆ්යි මැනේජ්මන්ට් එකවුන්ට්ස් ඔෆ් ශ‍්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාණිකයෙකි. 1998 දී මූල්‍ය ගණකාධිකාරී (ජීවිත) වශයෙන් ආයතනයේ ජීවිත රක්ෂණ අංශයට සම්බන්ධ වූ අතර පසුව, නියෝජ්‍ය සාමාන්‍ය කළකමනාකරු (මූල්‍ය-ජීවිත රක්ෂණ) තනතුරට පත්විය. 2011 පෙබරවා මස 01 වැනිදා සිට ඔහු, සෙලින්කෝ ලයිෆ් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට එකතු විය.

  1. ආර්. රෙන්ගනාදන් මහතා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී
  2. ඊ.ටී.එල්. රණසිංහ මහතා අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී (ජීවිත)
  3. පී.ඞී.එම්. කුරේ මහතා අධ්‍යක්ෂ/මානව සම්පත් සහ පුහුණු ප‍්‍රධානී
  4. පී.ඒ. ජයවර්ධන මහතා අධ්‍යක්ෂ/ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී (ජීවිත)
  5. එස්. ආර්. අබේනායක මහතා අධ්‍යක්ෂ/ නියෝජ්‍ය මූල්‍ය නිළධාරී (ජීවිත)
ශාඛා ජාලය

Western

Southern

Sabaragamuwa

Central

North Western

Uva

Eastern

North Central

Northern


Life Insurance

Retirement Planning